Thursday, June 24, 2010

හිරුගේ ලොවේදී අපි හමුවෙමු


හිරුගේ ලොවේදී
අපි හමුවෙමු


බැලුවෙමි මම ඈ දෙස
ඇගේ සුරත ගැලවී
පාවී සැණින්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස
නැවත බැලුවෙමි
ඇගේ වමත ගැලවී විත්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස නැවතත් බැලුවෙමි
ඇගේ පියයුරු ගැලවී
මගේ දෙනෙතේ ඇලුනි‍
දෙනුවන් වැසූ රාත්‍රියේ සිර කුටිය සිහි විය

මම නැවත කිසිවිටෙකත්
ඈ දෙස නොබැලුවෙමි

මා සි‍ටියේ බලද්දී
බලන දෙය
වෙනස් වන ලොවකය....

ක්වොන්ටම් ලොවකය....


ඊ ඒ ‍ඩෝසන් ප්‍රීති
06/2010

Sunday, June 20, 2010

කවියෙකු වූ අන්ධයා සහ අන්ධ‍යෙකු වූ කවියා


කවියෙකු වූ අන්ධයා සහ අන්ධ‍යෙකු වූ කවියා
කවියෙකු වූ අන්ධයා :

තේ කෝප්පයක් වගේ උණුසුම්ය
ඔබ ලවන් ඉහිරෙයි සුසුවඳ
සුමටය ඇලෙයි මා තොල
පෙඟී ද මී මධුර ලවනග

අන්ධ‍යෙකු වූ කවියා:

ඔබ ලවන් ද වත කමල ද
චර්ම අපිචර්ම කේෂනාලිකා මේද ස්ථර
නොවන්නට කුමන රති සංඥා ද; බවුන් වඩමි
දැහැන් ගත වනු රිසි කමටහනකි නුඹ සිරුර

ඊ ඒ ඩෝසන් ප්‍රීති
06/2010