Wednesday, March 25, 2009

ක්වොන්ටම් ලෝකය -2009 මාර්තු 25

ක්වොන්ටම් පිමි

අද බොහෝ ලිපි ලේඛනවල දක්නට ඇති යෙදුමකි ක්වොන්ටම් පිම්ම.

එහෙම යොදන්නේ යම්කිසි තත්වයක පැවතුනු දෙයක් හිටිවනම ඊට වඩා වෙනස් මට්ටමකට පොලා පනින අවස්ථාවක් නිරූපනය කිරීමටයි. ඇත්තටම ක්වොන්ටම් පිම්මක් යනු කුමන දෙයක් දැයි වටහා ගන්නට ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවට මදක් අවධානය යොමු කරන්නට මට සිතුනේ අපගේ ක්වොන්ටම් ලෝකය පිලිබද ලිපි පෙලේ ප‍්‍රවෙශයෙන් මතුවට එම සාකච්ඡාව ඉදිරියට ගැනීමද සිතේ තබාගෙනය.

දැන් මෙ සුලබ ක්වොන්ටම් පිම්ම නැමැති රූපකය සිය ලේඛනයන් තුල නිර්මාණශීලී ලෙස භාවිතා කරන දීප්ති කුමාර ගුණරත්නයන්ගේ වියමනක් අවධානයට යොමු කරමි.

ගාමිණී විජේතුංග මට දෙවන වරට හමු වූයේ 1995 පමණ කාලයේය. ඔහු මට හමුවන විට ෆීනික්ස් දැන්වීම් ආයතනයේ පිටපත් ලියන්නකු ලෙස සේවය කළේය. ගාමිණී විජේතුංග මට 83-85 යුගයේ හමුවූයේ දෙසතිය පුවත් සගරාවෙ ප‍්‍රධාන කතෘ හැටියටය. එවකට මට ඔහු වීරයෙක් කීවාට වරදක් නැත. ලංකාවෙ නූතනවාදී ලෝකය තුළ අවසාන දශකය වූයේ 80 දශකයයි. නූතනත්වයේ පූර්ණ පිපිරීම ලංකාවෙ සටහන් වූයේ 89 වසරෙ රෝහණ විජේවීර කනත්ත පසුපස දොරටුව ළග වෙඩි තබා මරා දැමීමෙන්ය. බොහෝ දෙනා කිසිදු ආකාරයකින් වටහා නොගත්තත් ඉහත මරණය නූතනවාදී ව්‍යාපෘතියේ ගිනිය නොහැකි ප‍්‍රතිරූප විශාල ගණනකගේ අවසානය සටහන් කළේය. මෙය දැන් සිට අතීතයට ප‍්‍රක්ෂේපණය කරන්නේ නම් ඉහත සියළු නූතන ප‍්‍රතිරූප ඒ බව පිළිගනු ඇත. විජේවීරගේ මරණය ලාංකීය දේශපාලන-ආර්ථිකයේ ක්වොන්ටම් පිම්මක් නිර්මාණය කළේය. ලංකාවෙ වෙළඳ ප‍්‍රාග්ධනයට විජෙවීරගෙ මරණයෙන් පසු රාජ්‍ය බලය ලැබිණ. මෙය කෙතරම් තීරණාත්මක වෙනසක් බිහි කළේ ද යත් කොළඹ දිස්ත‍්‍රික්කයේ සිටි එවකට මුදල් ලේකම්වරයා 90 දශකය මුලදී මංගල සමරවීරගේ දේශපාලන උපදේශකයා කළේය. වෙළඳ ප‍්‍රාග්ධනයට රාජ්‍ය බලය ලැබී පවතිද්දීම ලංකාවෙ නියොජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විශාල විපර්යාසයක් සිදුවිය. ඡන්දදායක-දායිකාවගේ මනස විකාර කරවමින් පොදු පෙරමුණ නමින් දේශපාලන සංවිධානයක් බිහි විය.

1993 දී ජයග‍්‍රහණය කළ දේශපාලන ව්‍යාපාරය වූයේ එයයි. පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වූ වහාම එක්වරම සියලු දෙනා දේශපාලනය අත හැරියේ ය. සියළු දෙනා දේශපාලනය අත හැරියේ සියලු දෑ දැන් ජනතාව අතේ පවතින නිසාය. UNP ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, මාධ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, සමාජය හිංසාහරණය කිරීම වැනි මෙකී නොකී බොහෝ දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සියලු දෙනා චන්ද‍්‍රිකා-මංගල -එස් බී ට‍්‍රිබලෙන් බලාපොරොත්තු විය. නමුත් පිළිතුරු හැටියට සමාජයට ලැබුණේ සුසන්ති ජයසිංහ විකාරය, සනත් ගුණතිලක විකාරය, රොනී පීරිස් විකාරය වැනි විකාර සංකීර්ණයකි. එපමණක් නොව 94-96 කාලය යනු ලංකාවෙ වඩාත්ම වෙගවත් වානිජකරණය ඇරඹි යුගය යි. සමාජ ගැටළුවලට පුද්ගලික විසඳුම් [බැද්දගාන සංජීවගෙන් සමාජ ගැටළුවලට උත්තර දීම] සහ මුදල් අන් සියල්ලට වඩා වැදගත් බව තහවුරු වූයේ ද 94-96 යුගයේ ය. මෙ යුගයේ දී පෙරමුණු දේශපාලකයන් යනු එරියස් සමග ජොනි වෝකර් විස්කි සමග රාත‍්‍රී 2 වෙනකං බොරු කයිවාරු කෙලීමයි. ඔවුන් කිසිවක් නොකරන බව කිහිපදෙනෙක් දැන සිටි අතර එය එතරම් වැදගත් සාධකයක් වූයේ නැත. කොටින්ම එක වාක්‍යයකට ඉහත සියල්ල ගොනු කළ හැක. පොදු මහජනතාවගේ අපේක්ෂාවන් පරිපූර්ණ ලෙස අදේශපාලනික කිරීම සිදු වූයේ 94-96 යුගයේ ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


ලාංකීය රූපවාහිනි මාධ්‍ය තුල ද ක්වොන්ටම් පිම්මක් පැන ගත් සිරස ලාංකීය සංස්කෘතිය වහුකරණය කිරීමෙ ව්‍යාපෘතිය උත්කර්ෂයට නංවා ඇත්තේ පෙර නොවූ විරූ අයුරකිනි. ඒ කි‍්‍රයාදාමය දම්වැල් න්‍යායෙන් ඉදිරියට සීඝ‍්‍රව ඇදී යද්දී අමුතුම ආකාරයේ 'විකාර' සමාජගත කරන්නට සමත් වී ද ඇත්තේය. එහි අවසන් නොවන මහ විකාර තුල නවතම විකාරය සුසාර දිනාල් විකාරය විය හැකිය.

වර්තමාන ලාංකීය දේශපාලනික-ආර්ථික ව්‍යුහය, දීප්ති 2002 දී විග‍්‍රහ කළ ආකාරයේම නොවුනත් වෙනස් ආකාරයක ක්වොන්ටම් පිම්මක් අභියස බැවින්, අප සියල්ලන් ඇස් කන් ඇතුළු නව දොරම විවෘත කරන් ඉන්නා ප්‍රෙක්ෂකයන් පිරිසක් බවට පත් වී ඇත්තේ කුමන ස්වරූපවල අලුත් විකාර මෙ සන්දර්භයට ඇතුළු වන්නට අනාගතයේ දොරපළු ඇරෙවිදැයි සිතමිනි.

ක්වොන්ටම් පිම්ම ගැන මාධ්‍ය අවකාෂය තුල ප‍්‍රථම වතාවට සාකච්ඡා වෙන්නේ විද්‍යාත්මක පසුබිමකින් නොවෙ. නොඑසේ නම් අද අප භාවිතා කරන ප‍්‍රචාරාත්මක භාවිතාව ගොඩ නැගෙන්නේ භොතික විද්‍යා පදනමකින් නොවෙ. මන්ද යත් බ‍්‍රිතාන්‍යයේ කේම්බ‍්‍රිජි විශ්වවිද්‍යාලය තුල උපපරමාණුක අංශු හදාරණ විද්වතුන් ක්වොන්ටම් යන වදන භාවිත කලේ එහි සංශුද්ධ භොතික අදහසින් පමණක් වීම නිසා එය පොදු පරිශීලනයෙන් දුරස් වචනයක්ව පැවතීම ඊට හේතුවයි.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල බි‍්‍රතාන්‍යයේ බිහිවෙන කල්ට් සංගීත කණ්ඩායමක් නිසාවෙනි ක්වොන්ටම් පිම්ම පාරිභාෂික ශබ්ධ මාලාවට මහා පරිමාණයෙන් ඇතුලු වන්නේ. ඔවුන් තමන්ගේ සංගීත කණ්ඩායම හඳුන්වා ගැනීමට ක්වොන්ටම් ජම්ප් [Quantum Jump] යන්න භාවිතා කිරීම හේතුවෙන් එය එසේ සංගීත ක්ෂෙත‍්‍රය හරහා මාධ්‍ය ලෝකයට අවතීර්ණ වෙයි. එම සමකාලීන භොතික විද්‍යා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුල උප පරමාණුක අංශු පිලිබඳ විශේෂයෙන් ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩිවීමෙදී එය සන්තතිකව නැත්නම් ක‍්‍රමාණුකූලව වැඩි වීමකට එරෙහිව එක්තරා අගයක සිට ශක්තිය වැඩි වෙවී යද්දී අසන්තතික ව කිසියම් වෙනස් අගයක් කරා පොලා පැනීම නිරීක්ෂණය කරන්නට හැකි වීම සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ගණිතමය පසුබිම තුල විග‍්‍රහ කළ නොහැකි විය. සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ද එවැනි නිරීක්ෂණ නැතුවා නොවෙ. ඒ විලයනයේ ගුප්ත තාපය වැනි නිරීක්ෂණයන්ය. නමුත් එම සංසිද්ධි ද තාපගති විද්‍යා ක්ෂේත‍්‍රය තුල යම් පමණකට විග‍්‍රහ කරගෙන තිබුන නිසාවෙන් එම පැහැදිලි කිරීම් වලංගු නොවන මෙම ශක්ති විපර්යාස වටහා ගැනීමට වාදයක අවශ්‍යතාව මතු වූයෙන් ක්වොන්ටම් යාන්ති‍්‍රකයේ තිඹිරි ගෙය නිර්මාණය විය.

ක්වොන්ටම් යාන්ත‍්‍රික හැදෑරීම යනු ඇසට නොපෙනෙන පරමාණුක උප පරමාණුක අංශුවල ගතිගුණ සෙවීමෙ ගණිත ක‍්‍රමය හැදෑරීමයි. ඇසට නොපෙනෙන අංශු යනු අපට අන්වීක්ෂයක ආධාරයෙන් පවා දැකිය නොහැකි පදාර්ථයේ මූලික අංශුය. පරමාණුක අංශු සඳහා සාමාන්‍ය ගණිත ක‍්‍රම අදාල නොවීම හේතුවෙන් වෙනම ගණිත ක‍්‍රමයක් ඒ සඳහා භාවිතා කරන්නට සිදුවී ඇත. මෙහිදී මා සාමාන්‍ය ගණිත ක‍්‍රම ලෙස හඳුනා ගන්නේ නිවුටෝනියානු භෙතික විද්‍යා ගණිත ආකෘතිය යි. ඒ අපේ සම්භාව්‍ය භෙතික විද්‍යාව ගොඩනැගී ඇති පදනමයි. නිවුටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාව වස්තුවක ස්කන්ධය එහි අවස්තිථිය ගැන විද්‍යාවක් ගොඩ නගයි. එහි මූලික හරය කිසියම් භෙතික ගුණ දන්නා වස්තුවක චලිතය සිදුවන්නා වූ පථය සොයා ගැනීමට උපකාරී වීමයි. එහි දී අංශුවෙ ස්කන්ධය එහි පිහිටුම සහ එහි වෙගය දන්නේ නම් ඒ අනුසාරයෙන් කාලයට සාපේක්ෂ එහි පිහිටුම් සහ ශක්ති වෙනස් වීම් පෙරයීම් කිරීමට අවශ්‍ය සමීකරණ ගොඩනගා ගැනීමට එනම් එම අංශුවෙ භෙතික අවස්ථා ගණනය කර ගැනීමට අවශ්‍ය ෙෙසද්ධාන්තික පසුබිම සපයා දීම නිවුටොනියානු යාන්ත‍්‍රිකය විසින් ඉටු කරයි.


ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවක උපත සිදුවන්නට ගොඩනැගුනු පරිසරය ද විමසා බැලීම වටී. නිවුටෝනියානු යාන්ත‍්‍රිකය විසින් පහදා නොදුන් භෙතික සංසිද්ධීන් කීපයක් නිරීක්ෂණය කරන්නට වීම ඊට බලපෑ ප‍්‍රධානම හේතුවයි. එම අවස්ථා කීපය අපි සංක්ෂ්ප්තව සලකා බලමු.

1. කලු වස්තුවල විකිරණතාව
2. ප‍්‍රකාෂ විද්‍යුත් ආචරණය
3. පරමාණුවල ශක්ති විමොචනය


මීට තවත් නිරීක්ෂණ කීපයක් ද ඇතත් මෙ එක එකක් ගැන සරලව වටහා ගන්නට අපි ඉදිරියේදී උත්සාහ කරමු.
ආලෝකය ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ මහ කණුවක් වන සැටි ද චමත්කාරයෙන් පිරි කතාවකි. කුතුහලය දල්වා එය රඳවා ගනු පිණිසය ඒ සඳහන.

ධනවාදයේ තෙවැනි කාර්තුවෙ අධිපති සංස්කෘතික තර්කනය වනූයේ පශචාත්-නූතනවාදය යි. පශ්චාත්-නූතන "රාජ්‍යය" විආකෘතික ක‍්‍රමයකි. මෙම රාජ්‍ය ආකෘතිය තුළ නිශ්පාදනය වන 'ආශාව' සාමුහික අනන්‍යතාවයකින් පරිපූර්ණ නොවෙ. සමාජ නිෂ්පාදනය තවදුරටත් ප‍්‍රතිවිරෝධතා ජනනය නොකරන්නේ [එනම් ඓතිහාසික ආඛ්‍යානයක ඊළග පියවර ලෙස හෝ මනොමූලික සරලරෙඛීයව ලෙස හෝ] එය "සැබෑවට -පෙනෙන -මිථ්‍යාවක ආකෘතිය" අත්පත් කරගෙන ඇති නිසාය. මෙ නිසා සිදුවන්නේ මිනිසා පුද්ගලභාවය නම් අණුක තත්වයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි උප-පරමාණුක අංශු බවට පත් වී කාල අවකාශය තුළ නව පිහිටීම් සලකුණු කිරීමයි. මිනිසුන් අතර වෙනස්කම් මෙ අනුව තවදුරටත් භොතික නොවන අතර ඒවා ප‍්‍රභන්ධාර්ථයන්ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]

යලිත් අපි රාම රාවණා යුධ පිටියේ අලුත්ම තත්වය මහැදුරු සුනිලුන් ගේ ප‍්‍රතිකථිත දෙමළ රාමායණයෙන් කියවා ගනිමු. මෙ යුධ කි‍්‍රයාදාමය තුල ද ක්වොන්ටීකරණය වූ ශිල්පෝපක‍්‍රම මතුකර ගැනීමට ඉදිරියේදී වෑයම් කරමු.

ලක්ෂ්මණගේ ප‍්‍රහාරයකින් ඉන්ද‍්‍රජිත්හු ද රණබිමෙහි නටහ. ප‍්‍රිය පුත‍්‍රයාගේ මරණය ගැන ඇසූ රාවණ වියරුවෙන් කෑ ගැසීය. "මෙ සියළු ව්‍යසනයන්ට මුල් වූ සැතිරිය සීතා දැන් මෙ මොහොතේ දී ම මරා දමන්නෙමැ"යි රාවණ වෙදනාවෙන් කඳුළු වැගුරුවමින් දිවුළේය. රාජ්‍ය අනුශාසකයන් බොහෝ දෙනා ඔහුගේ අදහස අනුමත නොකළහ. "කාන්තාවක ඝාතනය කිරීම ඔබ වන් රජකුට තරම් නොවෙ. ඔබගේ කෝපය යොමු විය යුත්තේ රාම-ලක්ෂ්මණ දෙදෙනා වෙත ය. ඉතිරිව සිටින සේනා යළි සංවිධානය කොට ඔවුනට එරෙහිව මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරන්න. අනතුරුව සීතා අත්පත් කර ගන්න. ඔබට ඊට ශක්තිය තිබෙ. සන්නාහ සන්නද්ධ ව වහා පෙරමුණ ගන්නැ"යි රාජ්‍ය අනුශාසකයෝ කීහ.

දෙමළ රාමායණය
නව වන උල්ලාසය රාම-රාවණ සටන
ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


සටහනක්:

භොතික විද්‍යාව සහ ගණිතය අපට අපගේ සීමාවන් උගන්වයි. අපගේ සිතීමෙ දිග පළල තීරණය කරයි. නිම් වළලු පුළුල් කරයි. එනමුත් සත්‍යය සෙවීම යනු අප විසින් හඹා යනු ලබන කෙදිනක හෝ හමුවන දෙයක් යැයි අනුමාන කරමින් දිගින් දිගට ඇදී යන ගමනකි. සත්‍ය ඇත යනුවෙන් විශ්වාස කරන්නන්ද සත්‍යය කියා දෙයක් නොමැත යනුවෙන් විශ්වාස කරන්නන්ද මෙලොව වෙසෙති. ඒ දෙගොල්ලන්ම එදිනෙදා ජීවිතය පහසු කර ගනු විනා අපහසු කරගැනීමෙ ක‍්‍රම නොසොයති. එබැවින් විද්‍යාව හැදෑරීම මෙ අවස්ථාවෙ ජීවිතය ලෝකය වටහා ගන්නට දරන උත්සාහයක් මිස විද්‍යාව තුල සියල්ල විග‍්‍රහ වෙය යන්නක් හෝ එය පරමත්වයට නැංවීමක් ද නොවෙ. ක්වොන්ටම් යාන්ත‍්‍රිකය ද විද්‍යාවකි.


The idea of eternal return is a mysterious one, and Nietzsche has often perplexed other philosophers with it: to think that everything recurs as we once experienced it, and that the recurrence itself recurs ad infinitum! What does this mad myth signify?

The Unbearable Lightness Of Being
Milan Kundera


graphics source

Tuesday, March 24, 2009

සම්භාවිතාව සහ පොල්

කාන්තාරයක වැතිරිලා ඉද්දී නිවුටන් ජාතියේ පොල් ගෙඩියක් ඔලුවට වැටීමෙ සම්භාවිතාව බිංදුවයි[0].

එහෙම දෙයක් වෙන්නේ නැති නිසා.

පොල් වත්තක් කාන්තාරයක් වීමෙ සම්භාවිතාව එකයි[1]. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවීම අනිවාර්යයෙන්ම වෙනවා කියන එකයි.

ඒක වෙන කාලය තමයි අපි දන්නේ නැත්තේ. නමුත් අපි දන්නවා ඉවෙන් වගේ මෙ යන විදියට අපි ඉන්න ලෝකය කවද හරි එකම එක කතරක් බවට පත් වෙන බව. මහ විනාෂය කරා හෙමින් හෙමින් ගමන් කරන බව. කාල රාමුවක් තමයි දන්නේ නැත්තේ.

ෙසෙද්ධාන්තිකව සම්භාවිතාව කරන්නේ සිදුවීමක් සිදුවීමෙ හැකියාව පිලිබඳ සංඛ්‍යාත්මක අගයක් දීම පමණයි. එය සිදු වන කාල වකවාණුව ගැන එය අදහසක් නොදෙයි.

දෙයක් සිදුවන කාලවකවාණුව දෙන විද්‍යාවක් ද ඇත. එය ගුප්ත විද්‍යා ඝණයට වැටෙයි. ඒ ජ්‍යොතිෂ විද්‍යාවයි.

ගුප්ත දේවල් විද්‍යා වෙන්නේ කොහොම ද?

එහෙම ගුප්ත කියන වචනයත් එක්ක විද්‍යාව කියන වචනයට එකට ගමන් කරන්න පුළුවන් ද?


Monday, March 23, 2009

ප‍්‍රවෘත්ති -මහේෂ් මුණසිංහ

ප‍්‍රවෘත්ති

ඇන්ටෙනා
කූරුවලින් පෙරී
මිදුලේ තිබිලා
ඇහිලූවා
හෙණ තොගයක්

‘හත්දෙයියනේ
කී දාහක් මරලද
මේ ටිකට’

මහේෂ් මුණසිංහ

කමෙන්ට්ස් තමයි අපට වැදගත්

උඹලයි සයිට් එක අද මම බැලුවා. කොමෙන්ට් එකක් තියෙනවා කියන්න ද?

කියපන් කියපන් කමෙන්ට්ස් තමයි අපට වැදගත්

මචං අර පොඩි එකෙක්ගේ හුරතල් පින්තූරයක් දාලා තියෙන්නෙ වම් පැත්තේ... ඒකට මම කැමතියි...හරිම ලස්සනයි.

අහා... ඉතිං

ඒ වුනාට මචං දකුණු පැත්තේ අර සිගරට් එකක් බොන එකෙක් ගේ පින්තූරයක් දාලා තියෙන්නේ... අන්න ඒක අයින් කරහන් ප්ලීස් මචං...

ඒක අයින් කරන්න? උඹ දන්නව ද? ඒ මිලාන් කුන්දේරා !

මම දන්නේ නැහැ මිලාන් කවුද කියල. ඒත් පොඩි එකෙක්ගෙ පින්තූරයක් එක්ක සිගරට් බොන එකෙක්ගේ පින්තූරයක් එකට දාන එක සදාචාරයක් නැති වැඩක් මචං

මචං... චෙ ගේ හරි කාල් මාක්ස් ගෙ හරි පින්තූරවලින් ගොඩක උන් ඉන්නේ සුරුට්ටු කටෙ ගහන්... ඒකයි උන්ගේ වැඩයි අතර සම්බන්ධයක් නැහැනේ ...

ඒ වුනාට මම කැමති නැහැ උඹලයි සයිට් එකෙන් සිගරට් බොන එක ප්‍රොමෝට් වෙනවට...

එච්චර ද කමෙන්ට්ස්?

ඔව් මචං. අනිත් සේරම හොඳයි... අර පින්තූරෙ අයින් කරහන්. ඇත්තටම මිලාන් කුන්දේරා කියන්නේ කවුද බං?








සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

Sunday, March 22, 2009

ජීවිතයේ මහ තේරුම

ඇයි උඹ සිගරට් බොන්නේ?

ජීවිතයට තණ්හාවක් නැති නිසා...

ජීවිතයට තණ්හාවක් ඇති මිනිස්සු ද සිගරට් නොබොන්නේ?

මම මගේ ජීවිතයට තණහාවක් නැහැ. මම දන්නේ මම ගැන විතරයි.

ඒත් කවදා හරි දුක් විඳින්න වෙනවා නේ මොනව හරි අසනීපයක් හැදුනොත් සිගරට් බීමෙන් ?

දැන් ලෙඩක් අසනීපයක් නැතිවත් මෙ විඳින්නේ සැපක් ද?

ඒක වෙනම දෙයක්. හොඳයි මෙ කරදර දුක් අස්සේ විහින් ඇයි තවත් අසනීපවලට අත වනන්නේ?

හෙට ගැන මගේ විශ්වාසයක් නැහැ. අත වනන්න දෙයක් මට නැහැ

ඒ කියන්නේ සිගරට් බීම උඹ ප්‍රොමෝට් කරනවා ?

මම සිගරට් බොනවා. එච්චරයි.

ඒ කියන්නේ උඹට සිගරට් බොන්න හේතුවක් තියෙනවා

ඔව් උඹට ඔන හේතු නිසා ඒක හේතුවක් විදියට හිතා ගෙන සතුටු වෙයං.

මට සතුටු වෙන්න බැහැ උඹ සිගරට් බොන එක ගැන.

ඒත් උඹ සතුටු වෙනවා නේද හේතුවක් සොයාගත්තම ?

සතුටු වෙන්න නොවෙයි මම හේතු සොයන්නේ. තේරුම් ගන්න.

තේරුම් ගන්න බැරි දේවල් නිසා උඹ අවුල් වෙනවා කියන එකනේ ඒ කියන්නේ ?

මම අවුල් වෙන්නේ නැහැ උඹ සිගරට් බොන හේතුව නොදැන ගත්තා කියලා.

එහෙනම් ආයෙම මුලට පලයන්...

උඹ දිගටම සිගරට් බීපන් ...

ඇයි උඹ නේද කීවෙ සිගරට් බොන්න එපා කියලා ?

උඹ විහින් ලෙඩ වෙලා දුක් විඳිනවා බලන්න මම කැමති නැති නිසා.

දැන් මම විඳින දුක් දිහා බලල උඹ මොනවද කරන්නේ ?

මම ඒත් දුක් වෙනවා.

ඉතිං වෙනසක් නැහැනේ ?

ඔව් වෙනසක් නැහැ.


උඹ ජීවිතයට මාර ආදරෙයි නේද

මාර ආදරයක් නැහැ.

නැහැ උඹ ජීවත් වෙන්න ආසයි.

මැරෙනකම් ජීවත් වෙන්න ඔන නේ.

උඹ ජීවත් වෙන්නේ මොකට ද ?

මම දන්නේ නැහැ. ඉපදුන නිසා වෙන්න ඇති.

උඹට කවදාවත් මැරෙන්න හිතිල නැද්ද?

හිතිල තියෙනවා.

මැරුනෙ නැත්තේ?

එහෙම මැරෙන්න බැහැනේ. අපේ ජීවිත අපට අයිති දෙයක් නොවෙයි නේ.

ඒ කියන්නේ උඹ මැරෙන්න ඉඩක් තියෙනවා නම් මැරෙනවා?

ඔව්. මෙ ජීවිතයට මහ තේරුමක් නැති නිසා.

උඹට උඹෙ ජීවිතයේ මහ තේරුම සොයා ගන්න මම සිගරට් බොන එකත් අදාල ද?